Vesak Festival Uggal Aluthnuwra 24.05.2013

සම්බුදු තෙමගුල් සැමරුම
 සම්බුදු තෙමගුල සමරණ උත්සව සැමරුම ආරම්භ වූයේ ක්‍රි.පූ. 161 පමණ සිට බව වංශකතා අනුව පෙනී යයි.  2013 වසර පැවැත්වෙන  2557 වන වෙසක් උත්සවය වෙනුවෙන් මෙන්ම සෑම වසරකදීමත් උග්ගල් අලුත්නුවර පූජනීය සිද්ධස්ථානය ආශ්‍රිත පරිසරය ද බෞද්ධ ප්‍ර‍බෝධයෙන් නැහැවෙන පරිදි කටයුතු සැලසීම චිරාත් කාලයක සිට සිදුවේ. ඒ සඳහා විධිමත් සූදානමකින් සංවිධානය වන පුණ්‍ය වැඩසටහන් හා අවිධිමත්ව සංවිධානය වන පුණ්‍ය වැඩසටහන් වශයෙන් දෙයාකාර වේ. සමහර වැඩසටහන්  ආරම්භයෙදී පෞද්ගලිකව සංවිධානය වුවද බොහෝ දෙනකු දායක වීමෙන් ඒවා සාමූහික වැඩසටහන් බවට පත්වන අකාරය රමනීය දසුනක් මවයි. මේ 2013 දී දක්නට ලැබුණ එවැනි වැඩසටහන් දෙකක කැමරාවේ සටහන් වූ දසුන් ස්වල්පයකි.

දාහය නිවන සිසිලස ලබා දුන් සිසිල් පැන් දන්සැල

ර/බළ/ශාස්ත්‍රාලංකාර විද්‍යාලයීය දූ දරුවන් හා ආචාර්ය මණ්ඩලය එක්ව ස්වාභාවික පළතුරු වලින් සකස් කර පිළිගැන්වූ සිසිල් පැන් දන්සැල ශ්‍රී සුමණගිරි විහාර පන්සලට හා උග්ගල් අලුත්නුවර රජමහා විහාරය වන්දනා කරන්නන්ටත් සෙසු පූජනිය ස්ථාන කරා යන බැතිමතුන්ටත් උදෑසන සිටම පැවැත්වීම දූදරුවන් තුළ බෞද්ධ සාරධර්ම තුළින් සමාජානුයෝජනයට මග පෙන්වන මහඟු අත්වැලක් විය. මේ එහි සේයා රූවලින් කොටසකි.















සාගිනි තවන උනුසුම් ආහාර 

ඊට සමගාමීවෙමින් කෙටි ආහාරයක් වශයෙන් එවලේම සකස් කරමින් පිළිගැන්වූ මඤ්ඤොක්කා දන්සැල ශ්‍රී ලාල් වෙළඳ සැල පෙරමුණ ගෙන ඇරඹී  මිතුරු කැලක් විසින් පාසල ආසන්නයේම සංවිධානය වී තිබීම කදිම දසුනක් විය. මේ එහි සේයා සටහන් අතරින් ස්වල්පයකි



















මේ සැම අවස්ථාවක්ම සංවිධානය වූයේ පූජනීය මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා මත වීම දක්නට හැකිවූ විශේෂත්වයකි.
ආමිෂ පූජා ලෙස හැඳින්වෙන භෞතික වශයෙන් කෙරෙන ශ්‍රද්ධාව මත සම්බුදු සැමරුම් කටයුතු මෙන්ම පිළිවෙත් සපුරාලිමේ වැඩසටහන් ද වශයෙන් තමා තුළ යහගුණදම් වර්ධනය කරගන්නා උත්සාහයන් වශයෙන් ක්‍රම දෙකකට පුණ්‍ය කටයුතු ඉටු කිරීමේ උත්සාහයන් මෙහි දී දක්නට ලැබිණි.

  1. දන් දිම
  2. ශීලයන් තුළ හික්මීම
  3. භාවනාව
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට යොමුකරමින් කෝට්ටේගෙඩ ශ්‍රී සුමණගිරි විහාරයේ වැඩසටහන් සංවිධානය වූ අතර අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේත් එවැනිම වැඩසටහන් සංවිධානය විය. මෙහි දැක්වෙන්නේ ශ්‍රී සුමණ ගිරි විහාරස්ථ පරිශ්‍රයේ පැවති පුණ්‍ය වැඩසටහන් වලින් කොටසකි. අතිපූජ්‍ය අලුත්නුවර සුමණජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම හා අනුශාසනා මත දවස පුරාම පුණ්‍ය වැඩසටහන් සංවිධානය වි තිබිණි. මේ එහි සේයා සටහන් සංකලනයකි

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලට දායකවය 








 .