Uggal Aluthnuwra Samagi three wheal society Vesak Festival 2013.05.25

උග්ගල් අලුත්නුවර වෙසක් අසිරිය 

අප්‍රේල් මස පසලොස්වක පෝ දින රැස් වූ සංගමය වෙසක් පෝය දින ගම්මානය තුළ බොදු පිබිදීමක් ඇතිවන ලෙස කටයුතු සංවිධානය කළ යුතු බව ඒකමතිකව තීරණය කළහ. වැඩ කොටස් වර්ග කර කමිටු ඇතිවන පරිදි එකිනෙකා අතර බෙදා ගැනීමෙන් සියලු දෙනාගේ සක්‍රිය දායකත්වය තහවුරු කර ගත්හ. වියදම් හෝ මහන්සි නොබලා තමන්ගේ කටයුතු වෙනුවෙන් සියලු දෙනා වෙහෙසවීමේ ප්‍රථි ඵලය වූයේ
අපේක්ෂා කළ තත්ත්වයටත් වඩා සාර්ථකව උත්සවය පැවැත්වීමට හැකි වූ බවය.
uggal aluthnuwra Vesak 2013.05.25 Samagi Three Wheel society

http://www.youtube.com/watch?v=K34_KiwQ8rk

http://www.youtube.com/watch?v=QtyOm-1tSss

http://www.youtube.com/watch?v=jsz6F5HeHHc

  • කෝට්ටේගොඩ ශ්‍රීසුමණගිරි විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර සුමණජෝති  හිමිපාණන් වහන්සේ ද අලුත්නුවර ශ්‍රී විවේකාරාමාධිකාරී ඇතිමලේ පඤ්ඤාසාර හිමිපාණන් වහන්සේද නිරන්තරව සංගමයේ තරුණ පිරිස දිරිගැන්වීම භාග්‍යයකි.
  • ප්‍රාදේශිය මහලේකම් තුමා, සහකාර ප්‍රා,ලේකම් තුමිය, සැලසුම් අධ්‍යක්ෂතුමා සහ කාර්යාල කාර්ය මණ්ඩලය මහත් දිරියක් දුන්හ.
  • ශාස්ත්‍රාලංකාර විද්‍යල විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය ද විශාල ශක්තියක් විය.
  • ප්‍රදේශයේ විශ්‍රාමික හා රජයේසේවයේ නියුතු මෙන්ම ගම් සියල්ලන්ගේම ආශීර්වාදය හා මග පෙන්වීම තරුණ පිරිසට ලැබිණි.
  • අවශ්‍ය විදුලිබලය දේවාලය මගින් සපායා ගැනීමට අවසර ලැබිණි.





 විශේෂ වැඩ සටහන්
  1. ඔසුපැන් දන්සැල
  2. බෝධිපූජාව
  3. කාව්‍යමය ධර්ම දේශනය
  4. වෙසක් පහන් සංදර්ශනය
  5. විනිශචය හා ත්‍යාග සහතික ප්‍රදානය
සියල්ලේ සේයා සටහන් සඳහා යන්න
https://picasaweb.google.com/110097414498047308660/UggalAluthnuwraVesak20130525SamagiThreeWheelSociety