Prehistory, Recorded history and the Start of the Village



උග්ගල් අලුත්නුවර ප්‍රදේශය ජනාවාසවීම හා පූජනීය සිද්ධස්ථානයේ ආරම්භක තතු

දශක කීපයකට පෙර ආචාර්ය පී..පී.දැරණියගල, ආචාර්ය ශිරාන්දැරණියගල වැනි විද්වතුන්ගේ ගවේශන මෙන්ම වර්තමානයේ  සිදුවන බළන්ගොඩ ආශ්රිතව පුරාවිද්යාත්මක ගවේශනවල යෙදෙන විද්වතුන් අනාවරණය කරන තොරතුරු සැලකිල්ලට ගන්නා විට බළන්ගොඩට ආසන්න මේ ප්රදේශය හෝමෝ සේපියන් බළන්ගොඩෙන්සීස් මානවයාගේ වාසභූමියව තිබූ බව නිගමනය කළ හැකිය. මහවලතැන්න සානුව පුරා ලැබෙන පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියකි. එහෙයින් මෙතෙක් හඳුනා නොගත්  පුරාණ ශිෂ්ඨාචාරයක තොරතුරු සැඟව ඇති ප්‍රදේශයක්  විය හැකිය.
උග්ගල් අලුත්නුවර ප්රදේශයට සුවිශේෂ කොට බලනවිට ආරම්භක ඉතිහාස තතු පිළිබඳව දැනට ඇත්තේ මතභේදාත්මක ස්වභාවයකි.  තදාසන්න ප්‍රදේශය පුරා තැන තැන දක්නට හැකි ය‍බොර කඳු ද සඟවාගත් ඉතිහාස කතාවක් ඇති බව පවසයි. උග්ගල් අලුත්නුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්  පුරාවිද්‍යාත්මක ගවේශන තවම සිදුව නැත. අපේ සම්භාව්‍ය සාහිත්‍යමය මූලාශ්‍රය වූ "මහාවංශය" හැරෙනවිට තවත් පුරාණ වංශ කතාවක නමක් හඳුනාගන්ට ලැබේ. එහෙත් නම මිස පොත තවම හමුවී නැත. උත්තරවිහාරවංශය හෙවත් උත්තරවිහාරට්ඨ කතාව නම් වූ එහි පිටපත් කොට්ටිඹුල්වල විහාරයේ ද කරගස්තලාව විහාරයේද තිබුණු බව කියවේ. එහෙයින් මේ ප්‍රදේශයේ මෙන්ම ලාංකේය ඉතිහාසයේ ද තවම ඇත්තේ අසම්පූර්ණ කතාවක් බව පෙන්වියහැකිය.
දැනට ලැබී ඇති මූලාශ් මගින්  හෙලිවන කරුණු අනුව ප්රදේශය  ජනාවාස වීම හා  පූජනීය සිද්ධස්ථානයේ ආරම්භය පිළිබඳව  ප්රධාන මත දෙකක් දක්නා ලැබෙයි. 
එක් මතයක් කෘති කිපයකම ලියැවීමෙන්  සහ ජනවහරට පැමිණ ඇති හෙයින්දෝ වඩා ප්රචලිතව ඇතත්  අනෙක් මතයෙන් ඉදිරිපත් වන තොරතුරු  වඩා ප්‍රරබල බව විමසීමේදී පෙනීයයි


මහවල තැන්න සානුවේ නැගෙනහිර හා දකුණු මායිමට ආසන්න භූගෝලීය පිහිටීමක් සහිත මේ පෙදෙස අතීතයේ සිටම වඩා සශ්‍රීක එකකි. ගිරිදුර්ග ජලදුර්ග හා වනදුර්ගයෙන්ද  සුරක්ෂිතව පිහිටීම නිසා ස්වාභාවික උවදුරු මෙන්ම සතුරු උවදුරු වලින්ද බේරි තිබූ පෙදෙසක් විය. අතීතයේ කිසි කිසි කාලයක නාය යෑම්, ජලගැලීම් හෝ සුළං මගින් අනතුරු සිදුවී ඇති බවට වාර්තාවක්ද නොලැබේ. පෘතුගීසි ලන්දේසි ආක්‍රමණ පිළිබඳවද වාර්තා නොවේ. 1818 උඩරට මහ කැරැල්ලේ බලපෑම්ද ලැබී ඇත්තේද  අවම මට්ටමකිනි.  ප්‍රදේශයේ දේශගුණය එදා මෙන්ම අද ද මිනිස් වාසයට බෙහෙවින් හිතකර එකකි. 

එක් මතයකට අනුව උග්ගල් අලුත්නුවර පූජනීය සිද්ධස්ථානයේ ආරම්භය වළගම්බා රාජ සමයටත් වඩා ඈතට දිව යයි. දුටුගැමුණු සමයේ සිට කතරගම දෙවියන්ගේ තේජානුභාවය පිළිබඳ අදහස් රට පුරා පැතිර යන්නට විය.  උන්වහන්සේ ද ශාසනාරක්ෂක මහා බලගතු දෙවියකු සේ ඇදහීමට ලක්විය. එම දෙවියන්ගේ පිහිට ගැමුණු කුමරුන්ට පරසතුරන්ගෙන් රට මුදා ගැනීමට ඉවහල් වූ බව කියවේ. කතරගම දෙවියන් මතු බුදුබවට පත්වන ‍ෙබෟද්ධ දෙවියකු සේ ලාංකිකයන් අතර විශ්වාසයක් ද වෙයි. දැනුදු උග්ගල් අලුත්නුවර වැසියන් මතුබුදුවන කතරගම දෙයිහාමුදුරුවනේ මට පිහිටවන සේක්වායි සේ  ආයාචනා  කරමින් යදිති. කතරගම දෙවි පුරාණය හින්දු ඇදහිලි හා මිශ්‍රවෙමින්  කාර්තිකේය දෙවි සේ ද මේ වැස්සෝ අදහති.
උග්ගල් කල්තොට ප්‍රදේශයේ දක්නට ඇති පුරාවිද්‍යාත්මක නටබුන් පුරාණ රජදහනක තතු මොනවට පැහැදිලි කරයි. ප්‍රදේශය ආශ්‍රිතව වළවේ ගංගා නිම්නය දිගේ මූදුබඩ දක්වාම ඇති නෂ්ඨාවශේෂ රාශියකි. පුරාණ රාජධානියක ශ්‍රී විභූතිය  සැඟව යා නොදී රැකගැනීමට වේලිඔයෙන් මෙපිට වර්තමාන මැදබැද්ද,කල්තොට, බුදුගල, කූරගල, දියවින්න හා හඳගිරිය දක්වාම ඇති නෂ්ඨාවශෙෂ සමත්වෙයි.  උග්ගල් අලුත්නුවර ආරම්භය පිළිබඳව මේ මතයෙන් පැවසෙන තොරතුරු පහත පරිදිය.
උග්ගල් කල්තොට  පුරාණ රජදහනේ ඇති වර්තමාන මැදබැද්ද යයි හඳුන්වන පෙදෙස එකල මැදගම විය.  කතරගම දේවාලය හා බෞද්ධ ස්මාරක පිහිටියේ එහිය. එකල එය මැදගම දේවාලය සේ ප්‍රසිද්ධව තිබිණි. ඒ ආසන්නයේ ඇති ගණෙවත්ත විහාරය මහසඟරුවන වැඩ සිටි ස්ථානයයි. වළගම්බා සමය සමගම පැමිණි බැමිණිතියා සාය යි ප්‍රසිද්ධ වූ මහා නියං සමය හා දුර්භික්ෂය විශාල ඛෙදවාචකයක්  විය. ගණෙවත්ත විහාරයේ වැඩ සිටි මහසඟරුවනට දානය පවා නොලැබීමෙන් එම විහාරය හා පන්සලද වර්තමාන බෙලිහුල්ඔය ආසන්නයේ කරගස්තලාව පෙදෙසට ගෙන එනු ලැබිණි. ආහාරයට ගතහැකි පරිදි නියඟයට ඔරොත්තු දෙන කරගස් බහුලව තිබූන බැවින් පසු කලක කරගස්තලාව සේ ප්‍රසිද්ධ විය. මැදගම තිබූ  කතරගම දේවාලය හා බෞද්ධ සිද්ධස්ථානය ද වඩා සශ්‍රීක පෙදෙසක් වූ වර්තමාන පිහිටීමට ගෙනැවිත් ඇත. දේවාලය හා පූජනීය සිද්ධස්ථානය අලුතෙන් ඉදි කළ තැනකට ගෙන ඒම නිසා එය අලුත්නුවර යයි නම්විය. එය උච්ච පබ්බත  හෙවත් උස්ගල්පර්වත ඇති නිසාම නම හැදුනු උග්ගල් කල්තොට පෙදෙසින් ගෙන ආ හෙයින් උග්ගල් අලුත්නුවර නමින් පසුකාලයේ ප්‍රසිද්ධ විය. උග්ගල් කල්තොට, දියවින්න හා හඳගිරිය පෙදෙස් වල උග්ගල් අලුත්නුවර දේවාලයට හිමි ඉඩම් හා දෙයියන්නේ වෙල්යාය සේ නම්වන කුඹුරු යායන් රාශියකි. දැනුදු වාර්ෂිකව ඒ වෙල්යාය වලින්  ලැබෙන  අස්වැන්න  මහතොගයක් දේවාලය කරා ගෙන එයි. එයම මේ මතය සනාථ කරන සාක්ෂියක් වැනිය. මේ අනුව උග්ගල් අලුත්නුවර යන්න  ක්‍රි.ව.1382  ආරම්භ වූවක් නොව ක්‍රි.පූ. 2 වන සියවස තරම් ඈත අතීතයට දිවයන්නක් බව කියවෙයි.
මේ ආරම්භය පිළිබඳව  මතය සනාථ කරන්නට උපයෝගී වන මූලාශ්‍ර හා විචාර හා විමර්ශන පහත පරිදි දැක්විය හැකිය
  1. කරගස්තලාව පන්සලේ වැඩ සිටි රාජකීය පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්වහන්සේ ඌව ඉතිහාසය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදෙමින් ඌවේ ඉතිහාසය නමැති අනගි ග්‍රන්ථරත්නයක්ද දායාද කළ මහ පඬි රුවනකි.  නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්වහන්සේගේ අවසන් ලියවිල්ල අඩංගු කර සකසා ඇති ග්‍රන්ථය ද මේ බව සනාථ කරන පුවත ගෙන එයි. පන්සලේ තිබූ   පුරාණ පුස්කොල ලේඛනයක මේ පුවත ලේඛනගතව තිබූ බව උන්වහන්සේ පෙන්වා දී ඇතැයි කියවේ.
  2. ලාංකික පොදු බෞද්ධ ජනතාව අතර මහත්සේ සම්භාවනාවට පත්   පිරුවානා පොත්වහන්සේ  මහත් ගෞරවාදරයට පත් පුරාණ ග්‍රන්ථරත්නයයි. පිරිත් ගෙයක් සඳහා සධාතුක කරඬුව සමග මහත් ගෞරවයෙන් පිරුවානා පොත්වහන්සේ ද වැඩමවනු ලබයි. එහි  අඩංගු විහාර අස්න තුළ ලංකාවේ පූජනීය සිද්ධස්ථාන 267 ක නාමාවලියක් වෙයි. එහි 166 වන ස්ථානය සේ දැක්වෙන්නේ උග්ගල් අළුත්නුවර වෙයි.  පිරුවාන‍ා පොත්වහන්සේ ලියැවී ඒ තුළ විහාරඅස්න අඩංගු කළ වකවානුව වන විටත් උග්ගල් අළුත්නුවර හෙවත් උග්ගල් අලුත්නුවර යන්න ලාංකික ජනතාව අතර ප්‍රචලිතව තිබූ සිද්ධස්ථානයක් වී තිබීමෙන් පෙනී යන්නේ මෙයට ඉතා ඈතට දිවගිය ඉතිහාසයක් තිබූ බවයි. පිරුවාන‍ා පොත්වහන්සේ කෝට්ට් 6 වන පරාක්‍රමබාහුසමයේ ලියැවුනක් වියහැකි බව අග්ගමහා පණ්ඩිත ආනන්දමෛත්‍රෙය හිමිපාණන්වහන්සේගේ අදහසයි. විහාරඅස්න වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ සමයේ සිටි විද්වතකු සේ සැලකෙන අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ කෘතියක් වියහැකි බව ඇතැමෙක් පෙන්වා දෙති. කෙසේ වතුදු අත්තරගම රාජගුරුබණඩාරයන් ලංකාවේ පැවති සිද්ධස්ථාන සොයා යාමේදී උග්ගල් අලුත්නුවර හමුවීමෙන් පෙනීයන්නේ එය ඒ වනවිටත් ජනතාව අතර වන්දනාමානනයට ලක්ව තිබූ දෙවියන් වැඩසිටි පුරාණ සිද්ධස්ථානයකව තිබූ බවය.
අනෙක් මතය අනුව පැවසෙන්නේ ශකවර්ෂ 1304 හෙවත් ක්‍රි.ව. 1382 දී මැදගම වනාන්තරයේ එක්තරා ගොඩැල්ලක් මත පළමු දේවාලය ඉදි වූ බවය. එයින් වසර 200 කට පසුව එනම් ක්‍රි.ව. 1582 දී වර්තමානයේ විද්‍යමානව ඇති දේවාලය කරවා ඇත. 1382 ආසන්නයේ දිනක කතරගම වන්දනාවේ යමින් මේ පෙදෙසට පැමිණ තාවකාලිකව ලැගුම්ගත් බ්‍රාහ්මණ පිරිසකට වැව ආසන්නයේ "අන්දරගසක ඇමිණී තිබූ දේවාභරණය හමුවී ඇත. එවකට මේ පෙදෙසේ සිටි  කදිරසිංහ තන්තූ හෙවත් කදිරසිංහා, බඩහැල වන්නියා ගැට්ටපාන වන්නිරාල ඇතුළු පිරිසක්ද සමග ගොස් ආභරණය රැගෙනවිත් "ගැටනෙටුල යට ගල්ලෙනේ වැඩමවා පුදපූජා පැවැත්වීම අරඹා ඇත. පසුව ගැට්ටපාන වන්නිරාල මගින් මැදගම බණ්ඩාරට පුවත දන්වා ඒ සියලු දෙනා සමග ගොස් "සූරිය මහරජතුමා"ට දැන්වූහ. ඒ අනුව සැපත් වූ රජතුමා මැදගම වනාන්තරයේ පිහිටි ගොඩැල්ලක්  තෝරාගෙන දේවාලය කරවා ඇත. එම දේවාලය රන්කොත් නවයකින් යුතුව බැබලෙන දේවාස්ථානයක් වූ බව පැවසේ. මේ ස්ථානය සේ අනුමාන කෙරෙන මැදවත්තේ දක්නට ඇති විශාල අත්තිවාරමක නටබුන්  අදද දක්නට හැකිය. ඒ ආසන්නයේ තිබූ පුරාණ බෝධීන් වහන්සේද තවම පවතී. මැදවත්ත යයි හඳුන්වන කොටස වටා පුරාණ ප්‍රාකාරයක නටබුන්ද දක්නට හැකිය.  මේ අනුව කිසයම් පූජනීය ස්මාරක තිබූ ස්ථානයක් බව ඉතා පැහැදිලි කරුණකි. මේ ස්ථානය ඇත්තේ වර්තමාන දේවාලයට මීටර 150 ක් පමණ ඉදිරිපසිනි.

මේ මතය සනාථ කිරීම සඳහා  උපයෝගී වන මූලාශ් කීපයකි.  පුරාණ ලේඛනයක් මෙන්ම ජනශ්රැතියද  එහිලා වැදගත් වෙයි.
1.     පුරාණ පුස් කොල ලේඛනයකින් උපුටාගත්  අත්පිටපත(ලේකම් මිටිය)-(ola book at about 1700 a.d.) මෙම      ලේඛනයේ කතුවරයකු හෝ ලියන ලද නිශ්චිත වකවානුවක් සඳහන් නොවේඑය භාෂා විලාසය හා රචනා ශෛලිය අනුව මහනුවර සමයේ ලියැවුන වට්ටෝරු ගණයේ ලිපියක් සේ හැඳින් විය හැකියමෙය රාජකීය පණ්ඩිත පූජ් කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්වහන්සේ ලේකම් මිටියේ කොටසක්  සේ හඳුන්වයිකොළඹ කටුගේ පුස්තකාලයේ ඇති සීමාසංකර විනෝදනී නමැති පුස්කොල ලේඛනයේ අග පිටු වල එම තොරතුරුම අඩංගු ලේඛනයක් වෙයිමහාචාර්ය පුංචිබණ්ඩාර යන් සොරගුණු දේවාල පුවතේ  එය මැදගම සන්නස සේ නම් කරන එයම උග්ගල් අලුත්නුවර වත නම් කෘතිය කරන කුලසිංහ මහතා  එම නාමයම භාවිත කරයි. (මේ ලේඛනයේ උපුටනයන් සොරගුණු දේවාල පුවතේද කුලසිංහ මහතාගේ කෘකතියේ  ඇත්තේය.) සන්නසක් යනු රාජකීය මහ මුද්රාව වූ ශ්රී සටහන් කළ රජුගේ නියෝග අඩංගු ලේඛයකිඑවැන්නක කතුවරයා සහ ලියූ කාලයද සටහන්වෙයි. තුඩපත් යනුවෙන්  මහනුවර සමයේ ලියැවුනු තවත් ලේඛන විශේෂයක් වෙයිඒවායේ රාජකීය  සන්නස නැතත් ලියන ලද බලයලත් නිලධාරියා ගේ නම හා කාලයද සටහන්වෙයිමෙය එවැනි කිසිවක් නැති ලේඛනයකිඑවැනිවා වැටෙන්නේ වට්ටෝරු ලිපි ගණයට බව කියවේඑහෙයින් මේ ලිපිය සන්නසක් හෝ තුඩපතක් යන ගණයට ඇතුළු කළ නොහැකිවෙයිමහචාර්ය පුංචි බණ්ඩාරයන්ම මෙය එකල පැවති ජනකතා පදනම් කරගනිමින් ලියන ලද්දක් විය හැකි බව සටහන් කරයි.  මෙයට සමාන ලේඛනයක් උපුටා දක්වන සබරගමුවේ පැරණි ලියවිලි නමැති පූජ් කිරි ඇල්ලේ ඤාණවිමල හිමිපාණන්වහන්සේගේ පොතේ උපටා දක්වා ඇති ලේඛනය ලේකම් මිටියේ කොටසක් සේ සටහන් කරයිඤාණවිමල හිමිපාණන් වහන්සේට එම ලිපිය ලැබී ඇත්තේ දේවාල කාර්යාලයේ තිබී බව  පැවසේ.  එම ලිපිය යයි අනුමාන කළ හැකි දේවාලයේ පැවති ලේඛනයක් පිළිබඳ බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනායක හිමිපාණන්වහන්සේට එවකට සිටි ජයවර්ධන බස්නායක නිළමේගෙන් දැනගන්නට ලැබුණු බව බළන්ගොඩ මහජන පුස්තකාලයේ මහිමය සඟරාව පළමු කලාපයේ සටහන් කර ඇත්තේයමෙහි දැනට සිටින වයෝවෘද්ධතම මොහොට්ටාල නිළමේවරයකු ළඟ තිබී ලේඛකයාට ලබා දුන් පුරාණ අත් ලියවිල්ද  ඊට සමාන බැවින් එයම බව නිගමනය කළ හැකියකෙසේ වුවද කතුවරයකු හෝ ලියන ලද නිශ්චිත වකවානුවක් සඳහන් නොවීම මෙහි ඇති මූලාශ්රමය වටිනාකම අඩු කරවයි.

2.     ජනකවිය

ශලුත් ශකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මහේ පුර සඳ       කාලේ
              ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද                  මාලේ
              දිලුත්  රන් කොත් නවයක් තිබුණයි ශක් පුරය බඳු        කාලේ
              දිලුත්  දික්පති සූරිය නෙරපති කෙරෙව්ව මැදගම            දේවාලේ

යනුවෙන්  භාවිත වන ජනකවියේ දේවාලයේ ආරම්භය පිළිබඳ පුවත ඉහත පළමු ලේඛනයෙන්ද තහවුරු වේ. ලේඛනය කියන්නේ ශකවර්ෂ 1304 දී සූරිය මහ රජු විසින් මැදගම වන්නාතරයේ ඉදි කරන ලද දේවාලයක් පිළිබඳ කතා පුවතකිපුරාණ ලේඛනයේ පෙනෙන ආකාරයට එවකටත් මෙහි මැදගම බණ්ඩාර, ගැට්ටපාන වන්නිරාල, බඩහැල වන්නියා සහ කදිරමල්නාච්චිරා වැනි ප්රභූන් පිරිසක් ගැනම කියවෙන බැවින් මැදගම වනාන්තරය යනු ඒවන විට  ජනාවාසව තිබුණු පෙදෙසක් බව මනාව පැහැදිලි වේ. කතරගම වන්දනාවට යමින් පැමිණි බ්රාහ්මණ  පිරිසක් මේ පෙදෙසේ ගිමන් නිවනු පිණිස රැඳී සිටියදී සිහිනයෙන් පෙනුන තොරතුරු පදනම් කරගනමින් හමුවූ කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කර මැදගම දේවාලය කරවූ බව  ලේඛන වල මෙන්ම ජනකතාවන්හිද පැහැදිලි වන මුත් ආරම්භක අවස්ථාව ජනාවාස වීම හෝ ඊට පෙර අවදිය පිළිබඳ තොරතුරු එමගින් නොලැබේ.
ආරම්භක පුවත පිළිබඳ දක්වන තොතුරු කෙසේ නමුදු මහනුවර සමයේ පූජනීය ස්ථානය පිළිබඳ ඉහත ලේඛන වල දක්වන තොතුරු විශ්වස්යතාවෙන් ඉහළ බැවින්  ලේඛනවලඇති  මූලාශ්රමය වටිනාකම හීන නොවේහැකිය.

පරිශීලන ග්‍රන්ථ

1.     නාවුල්ලේ ධම්මානන්ද හිපාණන්ගේ විචාර හා විමර්ශන ඇත්තලපිටියේ නන්දසාර හිමි සහ ටිකිරිබණ්ඩාර සීලොගම -  ගොඩගේ ප්රකාශනයකි
2.     පිරුවානා පොත්වහන්සේ අත්තුඩාවේ සිරි රාහුල ශ්රී රෝහණ පාර්ශවයේ මහානායක හිමිපාණන්වහන්සේගේ සංස්කරණය සමයවර්ධන පොත්හල
3.     සොරගුණු දේවාලපුවත මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල -ලේක්හවුස් ප්රකාශන
4.     උග්ගල් අලුත්නුවර වත .එම්.කුලසිංහ කර්තෘ ප්රකාශනය
5.     සීමාසංකර විනෝදනී කෞතුකාගාර පුසුතකාලයේ ඇති පුස්කොල ග්රන්ථය
6.     සබරගමුවේ පැරණි ලියවිලි රාජකීය පණඩිත පූජ් කිරිඇල්ලේඤාණවිමල හිමිපාණන් වහන්සේ
7.     මහිමය සඟරාව අතිපූජ් අග්ගමහාපණ්ඩිත ආනන්දමෛත්රෙය මහනාහිමිපාණන්වහන්සේ ගේ ලිපිය බළන්ගොඩ මහජනපුස්තකාල ප්රකාශනය