about me

In this task I have had most generous and valuable assistance from the villagers ("rajakari" people) and the Devale authority.  Many  thanks to them every way and everywhere. Information about the history is limited  to the history of the village upto 1960 (decade). Others are limited for charity services


"ලෝකය එකම රටක්. මා එහි රටවැසියෙක්. 
අප එකම මනුෂ්‍ය සමාජයක් සියල්ලන් මගේ නෑදෑයන් ලෙස පිළිගැනීම"
එය පහසු දෙයක් නූනත් එම දැක්ම අනුගමනය කිරීමට හැකි තරමින් උත්සාහ ගැනීම මගේ මෙහෙවරයි

මේ සටහන් වල අන්තර්ගතය ඉතිහාසය- ජනශ්‍රැති අධ්‍යයනය- මානව විද්‍යාව ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක විහිදෙන එකකි. "වර්තමානය" ඉතිහාසය බවට හැරවිය හැක්කේ එය සිය වසක්වත් අතීතයට ගිය පසුවය. යටත් පිරිසෙයින් අඩ සියවසක්වත් ගතවනතුරු ඉතිහාසය නොවනු ඇත. "ඉතිහාසය" පුද්ගලබද්ධ විස්තරයක් නොවීම පිණිස එවැනි කාලයක් අවශ්‍ය විය හැකිය.  මේ අනුව වසර 50 කට මෙපිට මෙහි  දක්වන තොරතුරු පවා  අර්ධවශයෙන් හෝ පුද්ගලබද්ධ වනු ඇත.  
නව මූලාශ්‍ර සොයා ගැනීම් මත ඉතිහාසය  වරින්වර වෙනස්වීම ස්වභාවය කොටගනී. 1818 මෙරට ඇතිවූ අරගලය වරප්‍රසාද අහිමි වූ රදල සුළු කොටසක් විසින්  ඇති කරන ලද කැරැල්ලක්සේ මුලදී හදුනා ගැනුනි. පසුව මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද ශූරීන් අනාවරණය කරගත් මූලාශ්‍ර අනුව එය එවැන්නක් නොව සිය සමය වෙනුවෙන් පැන නැගි ජාතික විමුක්ති සටනක් බව පැහැදිලි විය. මහාචාර්ය රිසිමන් අමරසිංහ වැනි විද්වතුන් සොයාගත් මූලාශ්‍ර මගින් සීතාවක රාජසිංහ වැනි වීරයන් පිළිබදව ඒ දක්වා පැවති නිගමන දුර්මත බවට පත්ව ගොසිනි. එහෙයින් වෙනස්වීම ඉතිහාසයේ ද ස්වභාවයකි. 
මේ කර්තව්‍යයේදී ගම්වැසි සියලු දෙනාගෙන් විද්වත් හිතවතුන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ දේවාලයේ ප්‍රධාන නිළයන් වූ අත්තනායක මොහොට්ටාල නිළමේවරුන් කපු නිළමේවරුන් ඇතුළු පරවේනි රාජකාරි මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද දේවාලයේ බස්නායක නිළමේවරුන් ගෙන්ද ලද සහායවෙනුවෙන් හදපිරි  සතුටින් පින්දෙමි.  කියවා බැලූ අය දුරකථනයෙන් හා හමුවී කරන කතා බස් වලින්ද සුවිසල් සතුටක් මෙන්ම  නව දැනුමක් ද ලැබෙන බව පින් දෙමින් සටහන් කරමි. 



  • 1960 දශකයෙන් පසු විස්තර  යහපත් දෑ ඉටු කරන පරමාර්ථයෙන්  ගම් ප්‍රදේශයේ සිදුවන දේවලට  පමණක් සීමා වේ.
  • මිනිසුන් තවත් මිනිසුන්ගේ පීඩාවන් දැක ඒ ගැන සංවේදී වෙමින් පිළිසරණ වීමට යත්න දරන්නේනම් එය ඉමහත් පුණ්‍ය කර්මයක් සේ සැලකීම මගේ මෙහෙවරේ කොටසක් සේ සලකමි.
  • සංවිධායකයන්ගේ ඉල්ලීම් ලැබුනොත්, අදාල පුණ්‍ය ක්‍රියාදාමයන් පිළිබඳව   ඔවුන් දෙන විස්තර  පමණක්   පළ කිරීමට ද මෙය  සීමා වෙයි.  එහි පරමාර්ථය වන්නේ ප්‍රජාව  සාමූහිකව, එක්සිත්ව, පිළිවෙත් පුරමින් සංවිධානය කරන පුණ්‍ය කටයුතු දිරිගැන්වීම අගය කිරීම පමණි.
  • එම  පුණ්‍ය කටයුතු ගැන වැඩිදුර විමසීම් මා වෙත නොව එම සංවිධායකයන් වෙත පමණක් යොමු කරන ලෙස ඉල්ලමි.

contact me please
E mail:mppgguna@gmail.com
Land phone in Sri Lanka : 045 2288894
from out of the country : +94452288894


I'm  yearning  your  sugestion , comments and criticism  

Please remember
My  mother tongue : Sinhala
I can easily understand sinhala commentation