Friday, June 24, 2011

Sydney Ellawla as a memorable leader

The society of Uggal Aluthnuwra is a  special community . Many of them are belonging to the devale tradition.(service tenure)  

Mr.Sydney Ellawala was a Basnayaka Nilame from 1933 - 1965.
He a was a leading figure of Uggal Aluthnuwra tradition or Subculture in four decades (1933  to 1965). He was one of the founding contributors of this Devala tradition. He was also a pioneer in revival of “Rajamaha vihare and the devale rajakari” of Uggal Aluthnuwra.
All illustrious son of the Sabaragamuwa province in Sri Lanka,patriot, a fearless defender of Uggal Aluthnuwra sub culture  at a time when they were despised as a result of foreign domination, since 1505 by potuguese, the Dutch and subsequently by the british under the influence of other devaluations. Sydeny Ellawala breathed his last on april 10,1965  forty six years ago.







He is the most memorable character in Uggal Aluthnuwra people. He has built some educational institutes also for the rural community.
1         “Kalayathanaya” as a dancing institue in 1935
2          Carpentry school and as a hall for the dancing institute in 1951
3         School in 1959 for poor kids of the village

Mr.A.M.Jinadasa as the master in the "kalayathana" had maintained up to 2009. Now it is maintained by Mr Jayanth Premakurara as the teacher. These activities are from the institute  on October 17,2010

උග්ගල් අලුත්නුවර විශේෂිත උපසංස්කෘතියකින් හැඩ ගැන්වුනු ප්‍රජාවකට වාසභූමියක් වූ රමනීය පෙදෙසක් සේ හඳුනාගත හැකිය. එහි පිහිටි රජමහාවිහාරය හා දේවාලයාශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණය සේම එය කේන්ද්‍ර කරගනිමින් සකස්වූ ආකාල්ප ඇගයුම් හා සිරිත්විරිත් රටාවත් සමාජයතුළ තවමත් බොහෝදුරටම සුරක්ෂිතය.  මෙය දේවාලගමකි. එැවන්නක නායකත්වය පැවරෙන්නේ බස්නායක නිළමේවරයාටය. ඉංග්‍රීසි යුගයේ මේ පූජනීය සිද්ධස්ථානය ජරාවාස වෙම්න් තිබුණා පමණක් නොව  විහාරය සහ දේවාල සේවා රාජකාරි ඇත්තන් නන්නත්තාරවෙමින් අසරණ බවට පත්වෙමින් සිටියහ. එඩිතර කැපවූ නායකත්වයකින් තොරව එය නැවත් පුනරුත්ථාපනය කළ නොහැකිව තිබියදී ජාතික පුනරුද ව්‍යාපාරයට සමගාමීව 1933 පත්ව ආ බස්නායක නිළමේවරයා වූයේ සිඩ්නි එල්ලාවලයන්ය.  එතුමාගේ කාර්ය කොටස ගොඩනැගිලි පුනරුත්ථාපනයට පමණක් සීමා නොවූ බව ‍එම යුගය ගැන තොරතුරු ගවේශනයේදී පැහැදිලිව පෙනීයයි.
එතුමාගේ විශිෂ්ට තම නායක්තවයෙන් පෝෂිතවූ කාල පරිචිඡෙදය 1933 සිට 1965 වනතුරුම පැවතිනි. දිලිඳුකමින් හා එහි අනිවාර්ය ප්‍රතිඵලයක් වූ නූගත් කමින් මුදවා ගැනීමට එතුමා පෙරමුණ ගනිමින් බිහි වූ  අධ්‍යාපනික හා තාක්ෂණික පුහුණු ආයතන දෙකකි.
පැමිණි අවදියෙම් බිහිවූ කලායතනය හා 1951 පිහිටවූ වඩුකර්මාන්ත පුහුණු පාසල කලාකරුවන් හා කාර්මිකයන් රැසක් රටට දායාද කළ ආයතනයක් විය. කලායතනයෙන් බිහිවූ මෑතදී අභාවප්‍රාප්ත වූ ඒ.එම් ජිනදාස මහතා පසු කළක ගුවන්විදුලි ජනගායන ශිල්පියකු සේම බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ කාර්මික හා උඩරට නැටුම් පිළිබඳ ගුරුවරයා වශයෙන් සේවය කිරීමට සමත්විය. දැනට 85 විය ඉක්මවමින් සටින එන්.කේ. නන්දෝරිස් මහතා ඔහුගේ තරුණ අවදියේ දිවයිනේ සිටි දක්ෂතම උඩරට බෙරවාදන ශිල්පියාව සිටි බව පෙනේ. විමලසුරේන්ද්‍ර විදුලිබලාගාරයෙන් ශ්‍රීපාදස්ථානයට විදුලිය ලබා දී විවෘතකරන මොහොතේ මගුල් බෙරවාදන ශිල්පියා වීමේ වරප්‍රසාදය ලබා ඇත්තේ මේ කලා ශිල්පියා වීම  ඊට නිදසුනකි.
සාමාන්‍ය පාසල් අධ්‍යාපනය සඳහා බිහි කළ පාසල පසු කලෙක ශාස්ත්‍රාලංකාර විදුහල නම්න ප්‍රසිද්ධ පාසල වේ. එය විවෘත කරන මොහොතේ මුල්ම ලොග් පොතේ ඇති මුල්ම සටහන එතුමාගේ අත්සනින් යුතු එකකි.  මේ ආයතන තුනම අදත් සක්‍රියව පවතී.  
sites.google.com/site/balangodaaluthnuwra/